ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුර සඳහා සුදුසුකම් නොලත් නිලධාරියෙකු පත්කිරීම මඟින් මුදල් අවභාවිතාවක් සිදුකර ඇති බවට කොමිෂන් සභාව වෙත යොමු වූ පැමිණිල්ලක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්වරයා කටයුතු කළ ආකාරය ගැටළු සහගත බවට මාධ්‍ය වාර්තාවන් පළවී ඇත.
කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් වාර්තා කැදවීමේදී එම පැමිණිල්ලේ අනන්‍යතාවය හෙලිදරවු නොවන පරිදි පැමිණිල්ලේ දැක්වෙන ආකාරයට වාර්තාව කැඳවන පාර්ශවය වෙත යොමු කිරීමට කොමිෂන් සභාව විසින් ලේකම්වරයාට අවසර ලබා දී ඇත. ඒ අනුව ලේකම්වරයා විසින් ක්‍රියාකර ඇත්තේ කොමිෂන් සභාවේ නියමය පරිදි වේ.
කෙසේ වුවද, ඒ ආකාරයෙන් හෝ පැමිණිල්ලේ පිටපතක් යොමුකිරීම තුළින් එය අයුතු ලෙස භාවිතා කල හැකි අවස්ථාවන් පැවතිය හැකි බව හැඟීයන හෙයින්, මින් ඉදිරියට වාර්තා කැඳවීමේදී වාර්තාව ඉල්ලා සිටින වගකිවයුතු පුද්ගලයා විසින් ඔහු වෙත කොමිෂන් සභාව විසින් යොමුකරනු ලබන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට බැදී සිටින බවටත් එම රහස්‍යභාවය කඩකලහොත් එම නිලධාරීයා විසින් ඒ සඳහා වන වගකීමට බැඳීසිටින බවත් දක්වමින් සහ හැකි පමණ අදාල පැමිණිල්ලේ වන කරුණු හෙලිදරවු නොකර වාර්තා කැඳවීමටද 2025.03.18 දින රැස්වූ කොම්ෂන් සභාව තීරණය කර ඇත.
එමෙන්ම, අදාල පැමිණිල්ල සම්බන්ධව කටයුතු කිරීමේදී කොමිෂන් සභාව දක්වා නොමැති කාරනයක් සම්බන්ධවද (කොමිෂන් සභාව විසින් දක්වා ඇති බව සඳහන් කරමින්) වාර්තාවක් කැඳවීමට කටයුතු කර ඇති අදාළ නිලධාරිනිය සම්බන්ධව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 127 වගන්තිය ප්‍රකාරව කටයුතු නොකිරීමට හේතු තිබේ නම් එම හේතු දැක්වීමට කටයුතු කරන ලෙසද එම නිලධාරීනියට දැන්වීමට කොමිෂන් සභාව කටයුතු කරනු ලැබේ.
ඒ අනුව, මහජනතාව විසින් කොමිෂන් සභාව වෙත යොමුකරනු ලබන පැමිණිලි සම්බන්ඳව නිසි විමර්ශනයන් සිදුකිරීමටත්, පැමිණිලිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් කොමිෂන් සභාව බැඳීසිටින බව ද දන්වා සිටිමි.