රුපියල් 5000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ග්‍රාම නිලධාරිවරයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව, රුපියල් 5000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරිවරයකු 2022.04.28 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපාරයට විදේශ රටවලින් අමුද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවෙන් අවශ්‍ය පදිංචිය සනාථ කිරීමේ ලේඛනය අත්සන් කර දීම සඳහා සැකකාර නිලධාරියා විසින් එම අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී, බණ්ඩාරනායක මාවත, සරණංකර පාර, කළුබෝවිල ලිපිනයේ පිහිටි ජේසන් මහල් නිවාස අසලදී මෙලෙස අත්අඩංගුවට පත් විය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search