රුපියල් ලක්‍ෂ 2 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ජනපද නිලධාරියකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව, රුපියල් ලක්‍ෂ 2 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ජනපද නිලධාරියකු හා තවත් පුද්ගලයකු 2022.04.29 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පැමිණිලිකරුගේ පියාට රජයෙන් ලබා දී ඇති තිස්සමහාරාමය, විහාරමහාදේවිපුර ග්‍රාම නිලධාරි වසමේ විලමුල්ල ප්‍රදේශයේ ඇති ඉඩමට පැමිණිලිකරුගේ පියාගේ නමින් ඉඩම් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 2 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර, එම මුදල වෙනත් පුද්ගලයකු මාර්ගයෙන් ලබා ගන්නා අවස්ථාවේදී අදාළ ජනපද නිලධාරියා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය තුළදී හා අනෙක් සැකකරු තිස්සමහාරාම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙලෙස අත්අඩංගුවට පත් විය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search