රු.1,500,000/= මුදලක් අල්ලස් ලෙස ලබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු.1,500,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත චෙන්කල්අඩි එරාවුර්පත්තු ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන ලිපිකරු හා හිටපු රාජ්‍ය ඇමතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම් යන අය 2022.06.21 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු විසින් මිලට ගෙන කොටස් කර විකුණා ඇති චෙන්කල්අඩි එරාවුර්පත්තු ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඉඩම් කට්ටි කර විකිණීමේදී, දැනට කට්ටි කර විකුණා ඇති ඉඩමේ ඉතිරි ඉඩම් කොටස් කරදරයකින් තොරව විකිණීමටත්, දැනට විකුණා ඇති ඉඩම් කට්ටි හිමිකරුවන්ට අවශ්‍ය කටයුතු කර දීමටත්, සංවර්ධන කර විකිණීමට ඇති අනෙක් ඉඩම් කොටස් කර විකිණීමට අවශ්‍ය කටයුතු ප්‍රාදේශීය සභාවේ උසස් නිලධාරින්ට කියා කර දීමටත්, ඉදිරියේදී මිලදී ගනු ලබන වෙන්දේසි ඉඩම් විකිණීම සඳහා අවශ්‍ය සියළුම කටයුතු ප්‍රාදේශීය සභාව මගින් සිදු කර දීම වෙනුවෙන් ඉහත සැකකරුවන් විසින් මුලින් රු.2,000,000/= ක මුදලක් ඉල්ලා, එම මුදල රු.1,500,000/= දක්වා අඩු කර, එකී රු.1,500,000/= මුදල අල්ලස් වශයෙන් ඉල්ලා, ලබා ගන්නා අවස්ථාවේදී මඩකලපුව ඉබ්‍රාහීම් හෝටලය තුළදී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search