2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 82 (1) ප්‍රකාරව නියෝග මඟින් නියම කරනු ලැබූ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශ ආකෘතිය කොමිෂන් සභාව විමසා අමාත්‍යවරයා විසින් සාදන ලද අතර, එය දූෂණ විරෝධී පනතේ 156 (1) හා (2) වගන්ති ප්‍රකාරව 2025.03.20 දින අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2428/43 හි පළ කරන ලදී.
එසේ පළ කරන ලද නියෝගය ඊයේ දින එනම් 2025.06.04 දින දූෂණ විරෝධී පනතේ 156 (3) වගන්තිය ප්‍රකාරව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.