ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින්, දූෂණ අක්‍රමිකතා සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව, තවත් වාහන 12ක් (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝග මත) අප්‍රේල් මස 01, 02 සහ 03 යන දිනයන්හි දී කොමිෂන් සභා භාරයට ගන්නා ලදි. ඒවා පහත පරිදි වේ.
- මිට්ෂුබිසි ජිප් - 01
- මිට්ෂුබිසි මොන්ටේරෝ ජිප් - 06
- ටොයෝටා ජිප් - 03
- ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජිප් - 01
- නිශාන් ඩබල් කැබ් - 01
මෙම දූෂණ අක්‍රමිකතාවයන් සිදු වූ ආකාරය සහ එයින් රජයට ඇති වූ අලාභය පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේද මඟින් මේ වන විට කොමිෂන් සභාව විසින් පරීක්ෂණ මෙහෙයවමින් පවතී.
මීට පෙර ද, රජයට රු.597,189,323/- ක් අලාභයක් සිදු කරමින්, ඉහත ආකාරයට අනීතිකව ලියාපදිංචි වූ වාහන 15ක් කොමිෂන් සභාව භාරයට ගෙන ශ්‍රී ලංකා රේගුවට ඉදිරි පරීක්ෂණ සඳහා භාර දී ඇත.