උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිට පුද්ගලික ලේකම්ගේ වාහනය සඳහා ඉන්ධන ඇණවුම්වල සිදුකර ඇති අක්‍රමිකතා මත අල්ලස් පනතේ 70 වගන්තිය ප්‍රකාරව දූෂණ වරද සිදුකළ හිටපු උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් සහ පුද්ගලික ලේකම් වන, නවමුණි ආරච්චිගේ ශාන්ති චන්ද්‍රසේන යන අයට 2025.04.02 දින කොළඹ මහාධිකරණ අංක 01හි ගරු විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මැතිතුමා විසින් දඬුවම් නියම කරන ලදි.
02 ඒ අනුව, පළමු චූදිත වන උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා සහ දෙවන චූදිත වන පුද්ගලික ලේකම් යන දෙදෙනාම චෝදනා ද්විත්වයක් සඳහා වරදකරු කරන ලදි. එකී චෝදනාවන්ට අදාළව, චූදිතයන් දෙදෙනාටම වෙන් වෙන් වශයෙන් වසර 16ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර අමතරව, රු.200,000/- ක (රුපියල් ලක්ෂ දෙක) දඩ සහ දඩ මුදල් නොගෙවයිනම්, වසර 02ක බරපතල වැඩ සහිත සිර දඬුවම් ද නියම කරන ලදි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවීම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා විසින් සිදු කරන ලදි.