රුපියල් 4000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, හඟුරන්කෙත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන සම්බන්ධීකාරක නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව, රුපියල් 4000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාව මත, හඟුරන්කෙත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ව්‍යාපාර අංශයේ සංවර්ධන සම්බන්ධීකාරක නිලධාරියකු 2022.02.14 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ව්‍යාපාර නාමයක් සංශෝධනය කර, ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් සැකකාර නිලධාරියා විසින් මෙම අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී, හඟුරන්කෙත නගරයේ පොත්ගුල් මහා විහාරය අසලදී මෙලෙස අත්අඩංගුවට පත් විය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search