අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව, රුපියල් 5000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත (ශික්ෂණ) ළමා රෝහලේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු 2022.02.14 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත (ශික්ෂණ) ළමා රෝහලේ ආපන ශාලාවේ අඩුපාඩු නොපෙන්වා, නීති මගින් කටයුතු නොකර සිටීම වෙනුවෙන් සැකකාර නිලධාරියා විසින් එම අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී, රෝහලේ ආපන ශාලාව තුළදී මෙලෙස අත්අඩංගුවට පත් විය.