රුපියල් 25,000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත, තලෙයිමන්නාරම දිසා බුද්ධි සේවා කාර්යාංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව, රුපියල් 25,000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත, තලෙයිමන්නාරම දිසා බුද්ධි සේවා කාර්යාංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ උප පොලිස් පරීක්‍ෂකවරයෙකු 2022.02.02 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පුද්ගලයකුගේ මිතුරා ද නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ බව පවසා, ඒ සඳහා ඔහුට විරුද්ධව නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා විසින් මෙම අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදී පේසාලේ දුම්රිය ස්ථානය අසල මාර්ගයකදී මෙලෙස අත්අඩංගුවට පත් විය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search