රුපියල් ලක්‍ෂ 2 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, ගම්පහ තක්‍ෂිලා විද්‍යාලයේ විදුහල්පති අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව, රුපියල් 200,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත බප/ගම්/තක්‍ෂිලා විද්‍යාලයේ විදුහල්පති 2021.12.23 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පැමිණිලිකරුගේ දරුවා 2022 වර්ෂයේදී ගම්පහ තක්‍ෂිලා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම සඳහා 7 ශ්‍රේණියට ඇතුළත් කරගැනීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා, එය ලබා ගන්නා අවස්ථාවේදී විදුහල්පති නිල කාමරයේදී මෙලෙස අත්අඩංගුවට පත් විය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search