රුපියල් 100,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, එරාවුර්පත්තු චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රුපියල් 100,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත එරාවුර්පත්තු චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ඉඩම් නිලධාරියකු 2021.12.22 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මඩකලපුව ආරියම්පදි ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු ඔප්පුවක් සකස් කිරීම සඳහා අවශ්‍ය රාජකාරි කටයුතු සිදු කර දීම වෙනුවෙන් මෙම අල්ලස ඉල්ලා, එය ලබා ගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත් විය.

වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබන අතර, මූලික විමර්ශන කටයුතු වලින් අනතුරුව සැකකරු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search