රුපියල් 10,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, අධිකරණ රෙජිස්ට්‍රාර්වරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රුපියල් 10,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත තෙල්දෙණිය දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන අධිකරණ රෙජිස්ට්‍රාර්වරියකු 2021.‍11.17 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරු විසින් මුදල් ආරවුලක් සම්බන්ධයෙන් දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර, එහි අධිකරණ තීන්දුව මත විත්තිකරුවන්ගේ දේපල තහනම් කොට, වෙන්දේසි කර කඩිනමින් ඔහුට අවශ්‍ය මුදල් ලබා දීම සඳහා රුපියල් 10,000/- ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී සැකකාර නිලධාරිනිය මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search