ලිංගික අල්ලසක් ලබා ගැනීමට තැත් කළ වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති දැලේ

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව ලිංගික අල්ලසක් ලබා ගැනීමට තැත් කළ වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු 2021.10.28 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකාරියට විරුද්ධව ඇති පැමිණිලි වෙනුවෙන් සහනයක් සලසා දීමටත්, ඇයට විරුද්ධව පුත්තලම අධිකරණයේ විභාග වන නඩු සඳහා වාචිකව කරුණු ඉදිරිපත් කර සහනයක් සළසා දීමටත්, ඇයට අයිති ගොඩනැගිල්ලක ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන ඇයගේ දික්කසාද පුරුෂයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහාත් මෙම සැකකරු රුපියල් ලක්‍ෂයක මුදලක් හා ලිංගික අල්ලසක් ඉල්ලා ඇති අතර, ඉන් පළමුව ලිංගික අල්ලස ලබා ගැනීමට තැත් කිරීමේදී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search