රුපියල් 25,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියෙකු අත්අඩංගුවට

අළුත්ගම ප්‍රදේශයේ පදිංචි ගොවිතැන් ව්‍යාපාර කටයුතු සිදු කරන පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රුපියල් 25,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත බෙන්තොට, මිරිස්වත්ත, පහළගම් 6 ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියකු 2021.10.25 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පොල් හා වෙනත් බෝග (සුළු බෝග) වගා කිරීම සඳහා අවශ්‍ය වන වාර්තා ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක මුදලක් ඉහත සැකකරු විසින් ඉල්ලා ඇති අතර, ඉන් රුපියල් 15,000/- ක මුදලක් පැමිණිලිකරුගෙන් මුලින් ලබා ගෙන ඇත. නැවත රුපියල් 25,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී සැකකාර නිලධාරියා මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search