රුපියල් 20,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලීමේ චෝදනාව මත, මහකුඹුක්කඩවල ප්‍රදේශයේ බීට්ටු වන නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රුපියල් 20,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලීමේ චෝදනාව මත, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ආණමඩුව අඩවි වන කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහකුඹුක්කඩවල ප්‍රදේශයේ බීට්ටු වන නිලධාරියකු 2021.10.12 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු ප්‍රවාහනය කරනු ලබන ලී සහිත ලොරි රථය ඔහුට ආපසු ලබා දී, නඩු නොදමා සිටීම සඳහා ඉහත සැකකරු විසින් මුලින් රුපියල් 50,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, පසුව එය රුපියල් 20,000/- දක්වා අඩු කර ඇත. එම මුදල ලබා දෙන තෙක් පැමිණිලිකරුගේ රියදුරු බලපත්‍රය, අංක MD 0230 යතුරු පැදියේ රක්‍ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍රය සැකකාර බීට්ටු වන නිලධාරියා භාරයට ගෙන ඇත. පසුව 2021.10.12 දින පැමිණිලිකරුගේ නිවසට පැමිණි සැකකාර නිලධාරියා අල්ලස් වශයෙන් රුපියල් 20,000/- ක මුදල ඉල්ලා, ඔහු භාරයේ තිබූ පැමිණිලිකරුගේ ලේඛන ආපසු ලබා දී පිටව යාමට සූදානම් වූ අවස්ථාවේ අල්ලස් ලෙස මුදල් ඉල්ලීමේ වරදට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search