රුපියල් 25,000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් ආදායම් පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රුපියල් 300,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, එයින් රු.25,000/= ක මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත, කලුදාවලෙයි ප්‍රාදේශීය සභාවේ සේවය කරන ආදායම් පරීක්‍ෂකවරයකු 202‍1.10.05 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

දැනට කට්ටි කර විකුණා ඇති ඉඩමක, කට්ටි සැලසුම් ගැනුම්කරුවන්ට (ඉඩම් ලාභින්ට) සකස් කර දීමට මෙන්ම ඉදිරියේදී වෙන්දේසි කරනු ලබන ඉඩම් වල කට්ටි සැලසුම් හා ඊට අදාල රාජකාරි කටයුතු කරදරයකින් තොරව අනුමත කිරීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා ඉහත සැකකරු රුපියල් ලක්‍ෂ 3 ක මුදලක් පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇත. පසුව එම මුදල රුපියල් 25,000/= ක කොටස් වශයෙන් ලබා ගැනීමට ඔහු එකඟ වී ඇති අතර, මුලින් රුපියල් 25,000/= ක මුදලක් ලබාගෙන, පොරොන්දු වූ පරිදි නැවතත් රුපියල් 25,000/= ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේ කලුදාවලෙයි ප්‍රාදේශීය සභා භූමියේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search