රුපියල් 7000/= ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේදී, ලියන්ගොල්ල අඩවි වන කාර්යාලයේ වන ක්ෂේත්‍ර සහකාර නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රුපියල් 7000/- ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේදී, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලියන්ගොල්ල අඩවි වන කාර්යාලයේ සේවය කරනු ලබන, වන ක්ෂේත්‍ර සහකාර නිලධාරීන් දෙදෙනෙකු 2021.09.30 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු කෝන්ගස්පිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගොවිතැන් කටයුතු සිදු කරනු ලබන අතර, එම ඉඩමට යාබදව ඇති රක්ෂිතයට ඔහු විසින් ගිනි තබා ඇති බවට පවසා, ඒ සඳහා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 7000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇතිබව අනාවරණය වේ.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search