රුපියල් 25,000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් පොලිස් කොස්තාපල් වරයකු අත්අඩංගුවට

සාලියවැව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රුපියල් 25,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, සාලියවැව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල් වරයකු 2021.08.03 වන දින පුත්තලම අධිකරණ භූමියේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරුගේ නැගණිය සුළු පියා විසින් දූෂණය කළ බවට චෝදනා කර, ඔහු අත්අඩංගුවට ගෙන පවරා ඇති නඩුවෙන් ඔහුට ඇප ලබා ගැනීමට උදව් උපකාර කිරීම වෙනුවෙන් රුපියල් 75,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, එම මුදලින් රුපියල් 25,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954