අලුත්ගම දර්ගා නගරයේ පදිංචි ව්‍යාපාරිකයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රුපියල් 3000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත බේරුවල කොට්ඨාශයේ හදිසි මරණ පරීක්ෂක වරයකු 2021.08.03 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.
පැමිණිලිකාරියගේ මියගිය වැඩිමහල් සහෝදරයාට හිමි සමෘද්ධි සහනාධාර මුදල් ලබා ගැනීමට අවශ්‍ය කරනු ලබන මරණ සහතිකය ලියාපදිංචි කිරීම සඳහා අදාළ වන හදිසි මරණ පරීක්ෂක වාර්තාව ලබා දීමට රුපියල් 3000/= මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.