රුපියල් 150 000/-ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා සහ බාර ගැනීම යන චෝදනාවන් වලට පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියා සහ ක්ෂේත්‍ර නිළධාරියා අත් අඩංගුවට

 අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රුපියල් 150,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා බාර ගැනීමේ චෝදනාවන් මත, පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන ඉඩම් නිලධාරියා සහ ක්ෂේත්‍ර නිලධාරියා 2021.07.16 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු හට වැලි ගොඩදැමීමේ බලපත්‍රයට අවශ්‍යය වන නිර්දේශය ලබා දීමේ කටයුතු සිදු කරවා දීම වෙනුවෙන් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියා සහ ක්ෂේත්‍ර නිලධාරියා රු ලක්‍ෂ 03 ක මුදලක් ඉල්ලා, පසුව එය ලක්‍ෂ 02 කට අඩු කොට එයින් පළමුව රුපියල් 50,000/- ක මුදලක් පැමිණිලිකරුව හමු වී ක්ෂේත්‍ර පරීක්‍ෂකවරයාගේ සහය මත ඉඩම් නිලධාරියා විසින් ලබා ගෙන ඇත.

ඉන්පසුව පැමිණිලිකරු විසින් ලබා දී ඇති ගොනු 02 හි අඩුපාඩු නිවැරදිව සකස් කර දීම සදහා ඉතිරි රුපියල් 150,000/- ක මුදල ඉල්ලා භාර ගැනීම යන චෝදනාවන් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search