වැලිමඩ ඌව පරණගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රුපියල් 50,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, ඌව පළාත් සභාවේ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ වැඩ බලන ධාවන කළමනාකරු 2021.05.03 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.
පැමිණිලිකරුගේ ඥාති සහෝදරයෙකුට සිසු සැරිය සේවා ප්‍රවාහන බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා රු.50,000/= ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.