රුපියල් 5000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් කඹුරුපිටිය අඩවි වන කාර්යාලයේ බීට්ටු වන නිලධාරියෙකු අත්අඩංගුවට

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රුපියල් 5000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, කඹුරුපිටිය අඩවි වන කාර්යාලයේ සේවය කරන බීට්ටු වන නිලධාරියෙකු 2021.04.09 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරු විසින් අලුතින් ඉදිකරන ලද උළුවහු ජනෙල් සකස් කර ගැනීමට කඹුරුපිටියේ පිහිටි ලී මෝලක් වෙත රැගෙන ගොස් භාර දී තිබූ කොස් දැව කඳන් ඉරීමෙන් පසු, එම කොස් ලී ප්‍රවාහනය කිරීමට ප්‍රවාහන බලපත්‍රය ලබා දීම සඳහා රු.5000/= ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search