රුපියල් 5000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රත්මලාන ප්‍රාදේශීය කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක‍යෙකු අත්අඩංගුවට

මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රුපියල් 5000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රත්මලාන ප්‍රාදේශීය කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක‍යෙකු 2021.04.07 වන දින රත්මලාන සොයිසාපුර හන්දියේ හෝටලයක් ඉදිරිපිටදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරුගේ මස්සිනාගේ නමට ඇති පැමිණිලිකරුට අයත් අංක NG-5550 දරණ බස් රථයේ 2021 වර්ෂයට ප්‍රවාහන අවසර පත්‍රය, ලොග් ෂීට් එක සහ මාර්ග අංක සඳහන් ස්ටිකර් රත්මලාන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් කඩිනමින් ලබා ගැනීමේ කටයුතු සිදු කර දීම සඳහා රු.5000/= ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search