රු.20,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රු.10,000/- ගනු ලැබූ ගලෙන්බිඳුණුවැව පොලීසියට අනුයුක්තවී සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ගරු මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් වරදකරුවන් ලෙස තීන්දු කරන ලදී.
රු.20,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රු.10,000/- ගනු ලැබූ ගලෙන්බිඳුණුවැව පොලීසියට අනුයුක්තවී සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ගරු මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් වරදකරුවන් ලෙස තීන්දු කරන ලදී.
මෙසේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයා විසින් වැල්ලවාය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු වෙත මෙම අල්ලස් මුදල පිරිනැමීමට කටයුතු කර ඇත්තේ සිය රුධිර සාම්පලය වෙනස් කරගැනීම උදෙසාය.
පැමිණිලිකාරිණියගේ දියණිය පළමු වසරට ඇතුලත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 100,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේ ගාල්ල අනුලාදේවී බාළිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් 2019.02.13 වන දින අත් අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරුගේ පුතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හේතුවෙන් වැලිවේරිය පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී පැමිණිලිකරු විසින් පුතාට සිගරට් එකක් ලබා දීම හේතුවෙන් එය වරදක් බව දන්වා ඒ සඳහා නඩු නොපරව සිටීමට රු.2000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල 2019.02.08 වන දින ලබා ගැනීමේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නිල පියස නමින් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක 10% රැදවුම් මුදලක් නිදහස් කිරීමට අවශ්‍ය නිර්දේශය ලබාදීමට රු.30,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පළමුව එයින් රු.10,000/- ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේදී අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණ නිලධාරී 2019-02-01 වන දින අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න ලදී.
06 වන වසරට දරුවකු ඇතුලත් කර ගැනීම වෙනුවෙන්, උතුරු මැද පළාතේ හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති රුපියල් 10000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදලින් පළමුව රුපියල් 5000/- ක් 2019.01.31 වන දින ඉල්ලා ලබා ගත් අවස්ථාවේදී, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
කොක්කඩිචෝලේ පොලිස් ස්ථානාධිපති රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී ඊයේ සවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.
රජයේ සහනාධාර යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වගා ලිඳක් ඉදිකර ගැනීමට ලබාදෙන සහනාධාර මුදල් වන රු.170,000 ක මුදලින් මුල් වාරික මුදල සඳහා රු.55,000 ක වවුචර් පතක් ලබා දී ඉතිරි සහනාධාර මුදල් කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීමට රු.10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී මෙම කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න ලදී.
පැමිණිලිකරු විසින් කපා ගන්නා ලද ගස් කිහිපයක් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රය ලබාදීමට අදාළ නිර්දේශය ලබාදීම සඳහා පැමිණිලිකරු ගෙන් රුපියල් 5,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිළධාරී වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලයලත් විමර්ශන නිළධාරීන් විසින් 2018.01.03 වන දින අත් අඩංගුවට ගෙන ඇත.
බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපති විසින් වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකුගෙන් නැවත සේවයේ පිහිටුවීම සඳහා අවශ්‍ය නිර්දේශය ලබා දිමට ඒ වෙනුවෙන් රුපියල් 150,000 ක මුදලක් ඉල්ල එය රුපියල් ලක්ෂයකට අඩුකර ඉන් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල 2018-12-19 දින ලබා ගත් අවස්ථාවේදී , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරු වන ටී.එල්.මහමුද් රව්ෆ් යන අය පදිංචි මහවැලි අධිකාරියට අයත් ඉඩමට අවශ්‍ය ඉඩම් බලපත්‍රය ලබා ගැනීම සදහා මහවැලි ඒකක කළමනාකරුගේ නිර්දේශය ලබා දීමට වැලිකන්ද සිංහපුර මුතු වැල්ල මහවැලි ඒකක කළමනාකරු විසින් රුපියල් විසිදහසක ( 20,000/- ) ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල 2018.10.19 වන දින ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුත්තු විනයාගම් හා ඔහුට අයත් සමාගමක ගිණුම් සහකාරවරයකු කටුගස්තොට ප්‍රදේශයේ වියාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගනිද්දී ඔක්තෝබර් 05 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954