රු. 60,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ උතුරු පළාතේ වැඩ බලන ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකරු අල්ලස් දැලේ

මන්නාරම ප්‍රදේශයේ ගණකාධිකාරිවරයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, රු60,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ලංකා ගමනා ගමන මණ්ඩලයේ උතුරු පළාතේ වැඩ බලන ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකරු 2020.08.19 වන දින මන්නාරම පල්ලිමුනේ ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරුට එරෙහිව යාපනය ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් විසින් සිදුකරනු ලබන විනය පරික්‍ෂණයෙන්, කොළඹ ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් ලවා පැමිණිලිකරුට එරෙහිව ඇති චෝදනා වලින් නිදහස් කරවා දීමට රු. 60,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search