මැණික්හින්න, වලල ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් ජනාධිපති මහජන පැමිණිලි අංශයට කරන ලද පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමුු කිරීමෙන් පසුව සිදුකරන ලද වැටලීමකදී රු. 21,000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත වරාය අධිකාරියේ හිටපු කම්කරුවකු 2020.08.18 වන දින මහනුවර, යටිනුවර වීදියේදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින. පැමිණිලිකාරියට ස්ථානමාරුවීමක් ලබා දීමට හා දිගන ප්‍රදේශයේ රජයේ ඉඩමක ඉඩම් කොටසක් ලබා දීමට අදාල අමාත්‍යංශය මගින් අවශ්‍ය කටයුතු කරදීම සඳහා රු. 26,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ඉන් රු. 21,000/= ක මුදලක් ලබා ගැනීමේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
දූෂණ චෝදනා සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනයකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට
මාර්තු 27 2025
රජයේ රැකියා ලබාදෙන බවට පවසා අල්ලස් ලබාගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා අත්අඩංගුවට
මාර්තු 27 2025