අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ පරිදි ශ්‍රී ලංකා රේගුව විසින් තීරුබදු ගෙවා නිසි පරිදි ආනයනය කරන ලද නිර්ව්‍යාජ වාහන පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා මාර්ගගත ද්වාරයක්

රජයට අයවිය යුතු රේගු බදු නොගෙවා අනීතිකව ආනයනය කර ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ මෝටර් රථ වාහන 6000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා සංසරණය වීමේ තත්ත්වයක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ දිනවල විමර්ශනයක් සිදු කරමින් පවතින අතර, මේ වන විට එසේ ආනයනය කරන ලදුව හඳුනාගත් වාහන සම්බන්ධයෙන් නීත්‍යානුකූල කටයුතු කරමින් පවතී. එවැනි වාහන විමර්ශන සඳහා භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකොට අයවිය යුතු රේගු බදු හ‍ා වෙනත් ගාස්තු අයකර ගැනීම පිණිස ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට කටයුතු කරන ලදී. මෙවැනි අවස්ථාවල බොහෝවිට අදාල වාහන වල දෙවන හෝ ඊ‍‍ට පසු අවස්ථාවන් වල පැවරීම්ලාභීන් දැඩි අපහසුතා හා දුෂ්කරතාවයන්ට ලක්විය හැක.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙයට පිළියමක් ලෙස නිර්ව්‍යාජ ගැනුම්කරුවෙකු වාහනයක් මිලදී ගැනීමට පෙර, එම වාහනය සඳහා නිසි පරිදි ආනයනික තීරු බදු හා වෙනත් ගාස්තු ගෙවා ඇති බවට තහවුරු වනු පිණිස මාර්ගගතව දැන ගැනීමට (Online Portal) සුදුසු මාර්ගගත ප්‍රවේශයක් සකස් කරන මෙන් ශ්‍රී ලංකා රේගුව වෙත ලබාදෙන ලද මාර්ගෝපදේශ පරිදි ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා රේගුව විසින් මාර්ගගත ද්වාරයක් හඳුන්වා දී ඇත.

මේ මඟින් කිසියම් තැනැත්තෙකු විසින් මිලදී ගැනීමට අපේක්‍ෂා කරනු ලබන වාහනය ශ්‍රී ලංකාවට නීත්‍යානුකූලව ආනයනය කර නිසි පරිදි රේගු බදු ගෙවන ලද වාහනයක්ද යන්න දැනගැනීමේ අවස්ථාව පහත සම්බන්ධතාවය (Link) මඟින් මහජනතාව වෙත සකසා දී ඇති බව දන්වා සිටිමි.

hhtps://services.customs.gov.lk/vehicles

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search