දෙසැම්බර් 09 වන දිනට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමී ජාතික වැඩසටහන මෙවර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සංවිධානත්වයෙන් 2024 දෙසැම්බර් 09 වන සඳුදා දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. වැඩසටහනට ප්‍රවේශයක් ලබා දෙමින් කොමිෂන් සභාවේ ගරු සභාපතිතුමන් විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු පැමිණ සිටි ආරාධිතයන් පිළිගනිමින් අරමුණු පැහැදිලි කරන ලදි. “අභිමානවත් ජාතියක ආදර්ශමත් පෙරගමන්කරුවන් අප වෙමු” යන මැයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙදින පාඨගත කළ අතර, ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයේ වැදගත්කම හුවා දැක් වූ ගරු සභාපතිතුමන් විසින් ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහි අභියෝගාත්මක සටනේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වන 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතෙහි වැදගත්කම ඉස්මතු කිරීමට ද මෙහි දී අවස්ථාවක් කරගනු ලැබීය. එහි දී මෙම දූෂණ විරෝධී පනතේ සඵලත්වයේ සාර්ථකත්වය රඳා පවතින්නේ එය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළ බවත් තවදුරටත් සඳහන් කරන ලදි. ඒ උදෙසා කොමිෂන් සභාවේ වපසරිය පුළුල් කිරීම , ආයතනික යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, විනිවිදභාවය සහ වගවීම පිළිබඳ නව සංස්කෘතියක් පිළිබඳ නව සංස්කෘතියක් පෝෂණය කිරීම යනාදිය පිළිබඳව ද මෙහි දී අවධාරණය කරන ලදි.
මෙම උත්සව සභාවේ ප්‍රධාන ආරාධිත වශයෙන් සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් ද , ශ්‍රී ලංකාව අල්ලස දූෂණය අවම රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු දෙනාගේ කැපවීම පිළිබඳ යළි සිහිගන්වන ලදි. එහි දී ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට නම් රාජ්‍ය පද්ධතියම නව ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බව අවධාරණය කළ ජනපතිතුමන් කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබ වන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. එම නිසා ශ්‍රී ලංකාව අල්ලස දූෂණය අවම රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බවද පුරවැසියාගේ බලාපොරොත්තුවලට වටිනාකමක් ලබා දීමට එමඟින් හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම වැඩසටහනේ විශේෂිත දේශනය, ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මැතිතුමන් විසින් සිදු කරන ලද අතර, සුපිළිපන්න නිළධාරීන් 15 දෙනෙකු සදහා පත්වීම් ප්‍රදානය ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් මෙහි දී සිදු කෙරිණි.