අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත ශ්‍රි ලංකා රේගුවේ නිෂ්කාශනය නොවු වාහන සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනය මගින් භාරයට ගන්නා ලද ටොයෝටා ලෙක්සස් වර්ගයේ ජිප් රථයක් අනීතිකව මෙරටට ආනයනය කර නීති විරෝධී ආකාරයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට තොරතුරු ඇතුලත් කර ලියාපදිංචිය සිදු කිරිමට අදාලව හා නීති විරෝධි පැවරිමක් සිදු කිරිම, නීත්‍යානුකුල නොවන රථයක් සදහා අංක තහඩු නිකුත්කිරිම , නීත්‍යානුකුල නොවන ආකාරයෙන් රථය මෙරටට ආනයනය කිරිම යන අනීතික ක්‍රියාවන් සිදු කරන ලද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් වරයෙකු සහ සහකාර කොමාසාරිස්වරුන් දෙදෙනෙකු, මෝටර් රථය ආනයනය කරන ලද පුද්ගලයා සහ මෙම අනීතික ක්‍රියාව සිදු කිරිමට සහය ලබාදුන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනිකුත් නිලධාරින් ඇතුළු 08 දෙනෙකු සැකකරුවන් වශයෙන් නම් කර 2024.11.19 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණට වැඩිදුර කරුණු වාර්තා කරමින් එම සැකකරුවන් 08 දෙනා සදහා නොතිසි නිකුත් කිරිමට අල්ලස් කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයේ ස්ථානාධිපති විසින් කරන ලද ඉල්ලීමට අනුව එම ඉල්ලිම සලකා බලා සැකකරුවන් 08 දෙනා හට 2024.11.29 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙසට දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නොතිසි නිකුත් කරන ලදි. තවද, මෙම නඩුව 2024.11.29 දිනට නැවත කැදවිමට නියෝග ලබා දෙන ලදි.
නවතම පුවත්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 04 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු.10,000/-ක (රුපියල් දස දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 29 2025








