ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඒකක කළමණාකරුවෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් පැවරු නඩුවේ දී මහාධිකරණය විසින් එකී ඒකක කළමණාකරු නිදහස් කරන ලද නියෝගයට එරෙහිව අල්ලස් කොමිසම විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ CPA /60/23 ප්‍රතිශෝධන නඩුවේ දී එකී මහාධිකරණ නඩුව නැව

මහවැලි අධිකාරියේ ඒකක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී නිල කාර්යයක් ඉටු කර දීම පිණිස පුද්ගලයෙකුගෙන් අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාල චූදිතට එරෙහිව වර්ෂ 2013 දී පැවරූ කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුකරයේ දී විත්ති පාර්ශවය විසින් ගෙන එන ලද මූලික විරෝධතාවයක් පිළිගනිමින් චූදිතව නිදහස් කිරීමට 2022/11/22 දින මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණි. ගරු මහාධිකරණ විනිසුරුතුමන් ලබාදුන් එකී නියෝගයට එරෙහිව එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2023 මැයි මස 29 වන දින ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණය වෙත යොමු කර තිබුණි.

එකී ප්‍රතිශෝධන අයදුම්පත්‍රය විවාදයට ගැනීමෙන් අනතුරුව ඒ පිලිබඳ සලකා බැලූ අභියාචනාධිකරණය චූදිත නිදහස් කිරීමට මහාධිකරණය විසින් ලබා දුන් නියෝගය අහෝසි කිරීමටත්, මහාධිකරණ නඩුව නැවත විභාගයට ගෙන තීන්දුව ලබාදීමටත් 2024 නොවැම්බර් මස 18 වන දින නියෝග කරන ලදී. පෙත්සම්කරු වන අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ නීති අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය සහ වගඋත්තරකරු වෙනුවෙන් ජේෂ්ඨ නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා පෙනී සිටින ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search