ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තෙවන ඇගයීමට සමගාමීව නිලධාරී මට්ටමේ සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන විශේෂ හමුවක් 2024 නොවැම්බර් මස 19 වන දින කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම හමුවේ දී වත්කම් බැරකම් පද්ධතිය ස්ථාපනය කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වූ අතර, උපායමාර්ග සැලසුම සකස් කිරීම, නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීම සම්බන්ධ තත්වයන් සහ නව දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ප්‍රමාණවත් මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.