හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ තවත් බැංකු ගිණුම් 02ක් අත්හිටුවනු ලබයි

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යට‌තේ සිදු කරනු ලබන විමර්ශනයන්ට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම ගිණුමක් සහ ස්ථාවර තැන්පතු ගිණුමක් (ගිණුම් දෙකේ ශේෂයන්හී එකතුව රුපියල් ලක්ෂ 200ක් පමණ), 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 53 (1) වගන්තිය ප්‍රකාරව 2024.12.17 වන දින සිට දින 07ක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් තහනම් නියෝගයක් නිකුත් කරන ලදි.

තවද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කරගැනීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වේ.

මීට පෙරද අවස්ථා කීපයකදී මෙම විමර්ශනයන්ට අදාලව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් කීපදෙනෙකුගේ වත්කම් ගණනාවක් අත්හිටුවීමට කටයුතු කර ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search