පරිපාලන ග්‍රාම නිලධාරිවරයෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් පැවරු නඩුවේ දී මහාධිකරණය විසින් එකී පරිපාලන ග්‍රාම නිලධාරිවරයාව නිදහස් කරමින් ලබා දුන් නියෝගයට එරෙහිව අල්ලස් කොමිසම විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ CPA /13/2024 ප්‍රතිශෝධන නඩුවේ දී එකී මහාධිකර

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත පරිපාලන ග්‍රාම නිලධාරී ලෙස සේවය කරමින් සිටියදී දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම පිණිස පැමිණිලිකරුගෙන් අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාල චූදිතට එරෙහිව වර්ෂ 2022 මාර්තු 25 වන දින පැවරූ කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුකරයේ දී විත්ති පාර්ශවය විසින් ගෙන එන ලද මූලික විරෝධතාවයක් පිළිගනිමින් චූදිතව නිදහස් කිරීමට 2023 ජූලි 26 වන දින මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණි. ගරු මහාධිකරණ විනිසුරුතුමන් ලබාදුන් එකී නියෝගයට එරෙහිව එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණය වෙත යොමු කර තිබුණි.

එකී ප්‍රතිශෝධන නඩුව විවාදයට ගැනීමෙන් අනතුරුව ඒ පිලිබඳ සලකා බැලූ අභියාචනාධිකරණය චූදිත නිදහස් කිරීමට මහාධිකරණය විසින් ලබා දුන් නියෝගය අහෝසි කිරීමටත්, මහාධිකරණ නඩුව නැවත විභාගයට ගෙන තීන්දුව ලබාදීමටත් 2024 දෙසැම්බර් මස 20 වන දින ගරු මහාධිකරණ විනිසුරුවරයා වෙත නියෝග කරන ලදී. පෙත්සම්කරු වන අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ නීති ඉෂිකා රණතුංග මහත්මිය සමඟ සහකාර අධ්‍යක්ෂ නීති අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය සහ වගඋත්තරකරු වෙනුවෙන් නීතීඥ චාන් ගොඩකුඹුර මහතා සමඟ නීතීඥ ෂෝන් තිසේරා මහතා පෙනී සිටින ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search