අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2025 වසරේ රාජකාරී කටයුතු අද දින (2025.01.01) පෙ.ව.8.30ට ජාතික කොඩිය එසවීමෙන් හා ජාතික ගීය ගායනා කිරීමෙන් පසු ආරම්භ කරනු ලැබීය. මෙහි දී ප්‍රථමයෙන් ම අදහස් දැක් වූ අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්.වයි.කේ.උඩවෙල මහත්මිය, දූෂණ විරෝධී පනත මගින් කොමිෂන් සභාවට පැවරී ඇති සුවිශාල රාජකාරී වපසරිය ඉටු කරගැනීමෙහිලා සියලු ම නිලධාරීන්ගේ දායකත්වය හා කැපවීම අවධාරණය කරන ලදි.
ඉන් අනතුරුව “Clean Sri Lanka” වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරමින් එහි සජීවී විකාශය සමඟ ඩිජිටල් මාධ්‍යයෙන් සියලු ම නිලධාරීන් සම්බන්ධ වූ අතර, “Clean Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා සමගාමීව රාජ්‍ය සේවක ප්‍රතිඥාව ද නිලධාරීන් විසින් ලබා දෙන ලදි.
මෙම වැඩසටහන කොමිෂන් සභාවේ ගරු සභාපති විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවෙල මැතිතුමන්, ගරු කොමසාරිස්වරුන් වන නීතිඥ කේ.බී.රාජපක්ෂ මැතිතුමන් සහ ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහි දී සියලු ම නිලධාරීන් සඳහා නව වසර වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන තේ පැන් සංග්‍රහය මේ වසරේ දී ද කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ සුබසාධක සංගමය විසින් සංවිධානය කර තිබුණි.