ගංජා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති අයෙකුට විරුද්ධව ගංජා ජාවාරම් කිරීමට නඩු නොදමා සුළු නඩුවක් දැමීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙස ඉල්ලා දොම්පේ පොලිස්ථානයේ ස්ථානාධිපතිට රුපියල් 200,000/- ක මුදලක් සිවිල් පුද්ගලයෙකු විසින් අල්ලස් වශයෙන් පිරි නැමීමට පැමිණි අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් 2020.08.18 වන දින අත් අඩංගුවට ගෙන ඇත.