වීරවිල, පන්නේනේගමුව ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ඔහු විසින් රජයේ ගාස්තු ලෙස රු.10,000/= (රුපියල් දසදහස) ක් ගෙවා 2024.07.30 වන දින අදාල ලියකියවිලි භාර දී ඇති අතර, විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට 2024.12.12 වන දින එම දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේ දී පැමිණිලිකරුගේ විදේශ ගමන බලපත්‍රය සකස් කර ලබා දීමට රු.6,000/=ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල සේවක සේවයේ 1වන ශ්‍රේණියේ සේවකයෙකු 2024.12.12 වන දින ප.ව.1.45ට පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 2 වන මහගේ පිහිටි තැපැල් අංශයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025