රුපියල් 350,000/= ක (තුන් ලක්ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, තලාතුඔය ප්‍රදේශයේ, සිවිල් තැනැත්තියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

කඩවත, ගෝනහේණ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිමැටියවත්ත යන ඉඩම පැමිණිලිකරුට වගා කටයුතු සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා ලබාගැනීමට අවශ්‍ය රජයේ කටයුතු සිදු කරදීම වෙනුවෙන් අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් රු.350,000/=ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත තලාතුඔය ප්‍රදේශයේ, සිවිල් තැනැත්තියක් අල්ලස් චෝදනා මත 2024.12.11 වන දින ‌පෙ.ව.11.30ට පමණ මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති වාහන රථගාල තුළ දී අල්ලස් හේ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search