මීගමුව, දළුපොත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, 2024 නොවැම්බර් මස 29 වන දින ප.ව. 12.20 ට මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ, කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය තුළදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.
පැමිණිලිකරු විසින් කුලී පදනම මත ලබාදුන් කාර් රථයක් උකස් කිරීම සම්බන්ඳයෙන් ඇතිවූ ආරවුල පිළිබඳව කළ පැමිණිල්ල විභාග කරදීම වෙනුවෙන් සහ එම කාර් රථයේ හිමිකරුට අධිකරණය මගින් කාර් රථය ආපසු ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 270,000/- ක් වටිනා වායුසමීකරණ යන්ත්‍රයක් අල්ලස් වශයෙන් ඉල්ලා එකී මුදල වායුසමීකරණ යන්ත්‍ර වෙළඳසැලේ කළමනාකරුගේ ගිණුමට බැර කරගැනීමට කටයුතු කිරීමේදී අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.