රු. 40,000/- ක (හතලිස්දහසක) සහ රු. 60,000/- ක (හැටදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, බීට්ටු වන නිලධාරිවරයෙකු සහ වන කේෂත්‍ර සහකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

ගොනාගොල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් සමන්ගල රක්‍ෂිතයට අයත් කොටසකින් අනවසරයෙන් වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් සහ එම රක්‍ෂිතයට අයත් කොටසක ගව ගාලක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් නිත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා පළමු සැකකරුවන බීට්ටු වන නිලධාරිවරයා විසින් රු. 40,000/- ක් සහ දෙවන සැකකරුවන වන කේෂත්‍ර සහකාරවරයා විසින් රු. 60,000/- ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අම්පාර වන නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු මෙම නිලධාරීන් දෙදෙනා 2024.12.18 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පළමු සැකකරු ප.ව. 4.15 ට පමණ පැමිණිලිකරු පදිංචි නිවාස අසලදී ද, දෙවන සැකකරු ප.ව. 7.10 ට පමණ පැමිණිලිකරුගේ නිවාස ඉදිරිපිට පිහිටි කඩයක් අසලදී ද මෙලෙස අත්අඩංගුවට ගන්න ලද අතර අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search