අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 21,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන ඖෂධවේදියකු 2023.02.15 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.