රුපියල් 26,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් පශු වෛද්‍ය නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු26,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත කරඬියනාරු පශු වෛද්‍ය කාර්යාලයේ සේවය කරනු ලබන පශු වෛද්‍ය නිලධාරියකු 2022.12.22 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු හට අයත් ගවයින් 30 දෙනෙකු ලියාපදිංචි කිරීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් රු.26,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගන්නා අවස්ථාවේදී, කරඬියනාරු පශු වෛද්‍ය කාර්යාලයේදී ඉහත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search