රුපියල් 31,680/- ක මුදලක් වටිනා සිවිලින් විදුලි පංකාවක් අල්ලස් ලෙස ලබා ගත් අඩවි වන නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රුපියල් 31,680/- ක් වටිනා KDK සිවිලින් විදුලි පංකාවක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ලබන අඩවි වන නිලධාරියකු 2022.12.23 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු විසින් කඳන් ප්‍රවාහනය කිරීම සඳහා ලබාදෙන ලද ලොරි රථයෙන් ප්‍රවාහනය කරන ලද තේක්ක කඳන් සඳහා නිසි පරිදි නිකුත් කරන ලද ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිවීම හේතුවෙන්, ලොරි රථය රඳවාගෙන එයට නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීමටත්, නිසි අවසරය ලැබීමෙන් පසු ලොරි රථය නිදහස් කර යැවීම සඳහාත්, ඉදිරියේදී පැමිණිලිකරුගේ ලොරි රථ සඳහා කිසිඳු කරදරයකින් තොරව දැව ප්‍රවාහනය කිරීමට ඉඩ සලසා දීම සඳහාත් රු.31,680/- ක මුදලක් වටිනා සිවිලින් විදුලි පංකාවක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී, පස්යාල දැව පරීක්‍ෂණ මධ්‍යස්ථාන කාර්යාලය තුළදී ඉහත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search