රුපියල් ලක්‍ෂ 20ක අල්ලස් මුදලක් ලබා ගත් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා රියදුරෙකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රුපියල් ලක්‍ෂ 20ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා ප්‍රාදේශීය සභාවේ සේවය කරනු ලබන රියදුරෙකු 2023.01.13 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මාවනැල්ල නගර සීමාව තුළ පිහිටි පැමිණිලිකරුට අයත් ඉඩම් කොටසක ඉදිකිරීමට අදහස් කර ඇති ගොඩනැගිල්ල සඳහා ගොඩනැගිලි සැලැස්ම හා එම ඉඩමේ සැලැස්ම මාවනැල්ල ප්‍රාදේශීය සභාව මගින් අනුමත කර, අත්සන් කර දීම වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් ලක්‍ෂ 20 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන, ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු මාර්ගයෙන් අදාළ මුදල හෝටල් පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට සැලැස්වීමේදී, මාවනැල්ල නගරයේ සීතා රෙස්ටුරන්ට්හි උඩුමහලේ දී ඉහත සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search