රුපියල් ලක්‍ෂ 10 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු.ලක්‍ෂ 10 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත යාපනය මූලස්ථාන පොලිසියට අනුයුක්ත කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු 2023.01.17 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරුට විරුද්ධව කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කරනු ලබන විමර්ශනයේ පැමිණිලිකරුට වාසි සහගත වන අයුරින් කටයුතු කර දීම සඳහා රු.ලක්‍ෂ 10 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගන්නා අවස්ථාවේදී, යාපනය සංතානේ සතිපොළ භූමියේදී ඉහත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search