රුපියල් තුන් ලක්‍ෂ පනස්දහසක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රුපියල් 350000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මැදවච්චිය පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයකු 2023.01.31 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරුට විරුද්ධව ඇති අපයෝජනයක් හා ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩු සඳහා නිදහස් වීමට අවශ්‍ය කටයුතු සලසා දීමට හා එම නඩුව සඳහා ඇති වරෙන්තු වලට ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට අවශ්‍ය කටයුතු කර දීම සදහා රුපියල් 350000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී, කෝනකුඹුක්ගොල්ලෑව, මැදවච්චිය පැමිණිලිකරුගේ නිවසේදී ඉහත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search