රුපියල් 15,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් දැනට වැඩ තහනමකට ලක්ව සිටින බීට්ටු වන නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 15,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දැනට වැඩ තහනමකට ලක්ව සිටින බීට්ටු වන නිලධාරියකු 2022.12.21 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කල්මුණේ ප්‍රදේශය භාරව කටයුතු කරන නිලධාරියා වශයෙන් පෙනී සිටිමින්, බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම වෙනුවෙන් රු.15,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී, කල්මුණේ නගරයේ අංක 298, ප්‍රධාන වීදිය, කල්මුණේ ලිපිනයේ පිහිටි ජරීනා ටයර් මාර්ට් ආයතනය ඉදිරිපිටදී ඉහත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search