රුපියල් 20,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් තාක්‍ෂණ නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 20,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සේවය කළ තාක්‍ෂණ නිලධාරියකු 2022.12.06 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරුගේ බිරිඳ නමින් ඉදිකරන ලද ගොඩනැගිල්ලකට පරිසර හා ආරක්‍ෂක බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණ නිලධාරියාගේ අනුමැතිය ලබා දීම සඳහා මුලින් රු.20,000/- ක මුදලක් ලබාගෙන ඇති අතර, එම රාජකාරි කටයුතු සම්පූර්ණ කර ලබාදීම වෙනුවෙන් නැවතත් රු.20,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේදී, හොරොව්පතාන ප්‍රාදේශීය සභාව තුළදී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search