රුපියල් 30,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් උප පොලිස් පරීක්‍ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 30,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ඉපලෝගම පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්‍ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරයකු 2022.12.08 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

නීති විරෝධී මත්පැන් ව්‍යාපාරයක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර සිටින පැමිණිලිකරුගේ සහෝදරයා හට නීති මගින් කටයුතු නොකර සිටීමට හා ඉදිරියේදීත් එම කටයුතු සඳහා නීති මගින් කටයුතු නොකර, පැමිණිලිකරුගේ හා සහෝදරයාගේ පෙර වැරදිද සඳහන් නොකර, නීති විරෝධී මත්පැන් ව්‍යාපාරය ඉදිරියටත් කරගෙන යාමට උදව් කිරීම සඳහා පොලිස් කොස්තාපල්වරයා මාර්ගයෙන් රු.30,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී, අදාළ උප පොලිස් පරීක්‍ෂකවරයා ඉපලෝගම පොලිස් ස්ථානය තුළදී අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම, උප පොලිස් පරීක්‍ෂකවරයා හට ආධාර අනුබල දෙමින් එම රු.30,000/= මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී, ඉහත සැකකාර පොලිස් කොස්තාපල්වරයා පැමිණිලිකරුගේ නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search