රුපියල් 10,000/- ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රුපියල් 10,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, පොළොන්නරුව මූලස්ථාන පොලිසියට අනුයුක්ත කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයකු 2023.02.08 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන
කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන ගව ඝාතකාගාරය සහ එළ හරක් මස් විකිණීමේ ව්‍යාපාරය නීත්‍යානුකූල නොවන අන්දමින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීම වෙනුවෙන්, එම රු.10,000 ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී, කදුරුවෙල පරණ ලංකා බැංකුව අසලදී ඉහත සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search